23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල් වාට්ටු සහ විශේෂිත ඒකක 164ක වැඩකටයුතු අකර්මණ්‍ය වී ඇති බව එම සංගමය පවසයි. විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කර ඇති රෝහලේ පමණක් සේවා සැපයීමටත්, විශේෂඥ වෛද්‍යවරුන් නොමැති අනෙකුත් රෝහල්වල සේවා ආවරණය කිරීමෙන් ඉවත් වීමටත් තීරණය කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. මෙහි ප්‍රධානතම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු, නැගෙනහිර සහ ඌව යන පළාත්වල පර්යන්ත රෝහල් වෙතය.

GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණවත් පිරිසක් සිටියද, දුර බැහැර රෝහල්වල සේවය දැඩි ලෙස බිඳවැටී ඇති බවයි. නිදසුනක් ලෙස මඩකළපුව රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විසින් ආවරණය කළ සෙසු රෝහල් හතරක කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, පොතුවිල් රෝහලේ ඒකක අටක් පමණ අකර්මණ්‍ය වී ඇත. මෙම පළාත්වල පවතින විශේෂඥ වෛද්‍ය හිඟය හමුවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු අවධාරණය කරයි.

තම වෘත්තීය ගැටලු විසඳා ගැනීමට රජය මෙතෙක් සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බවට වෛද්‍ය සංගමය චෝදනා කරයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට තමන් සූදානම් වුවද රජය පාර්ශවයෙන් එවැනි උත්සාහයක් හෝ දක්නට නොමැති බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් කියා සිටියි. පවතින තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ ද යම් අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

Related posts

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Shiran Viraj

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj
Translate »