mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිල

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 1988 වසරේදී උතුරේ සහ දකුණේ දරුණු ත්‍රස්තවාදී අභියෝග මධ්‍යයේ වුවද ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ ආකාරය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ස්වාභාවික ආපදාවක් මැතිවරණයක් කල් දැමීමට නීත්‍යානුකූල හේතුවක් නොවන බවයි.

ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ 2018 සිට වසර අටක් තිස්සේ කල් ගොස් ඇති මෙම මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධාව ඉවත් කිරීම සඳහා වගන්ති තුනකින් යුත් කෙටි පනතක් ගෙන ඒම ප්‍රමාණවත් බවයි. ආණ්ඩුව මෙම මැතිවරණය පැවැත්වීමට මැලි වන්නේ පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් මගින් සිදුකළ වාර්තාවකට අනුව ආණ්ඩුවේ ඡන්ද පදනම මේ වන විට 25% ට වඩා අඩු මට්ටමකට වැටී ඇති නිසා බවට ද ඔහු චෝදනා කළේය.

ආණ්ඩුවේ ජනප්‍රියතාව සීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතින බවත්, 2024 නොවැම්බර් මාසයේදී ලබාගත් ලක්ෂ 69 ක ඡන්ද පදනම මාස හයක් ඇතුළත ලක්ෂ 45 දක්වා අඩු වී ඇති බවත් ඔහු මෙහිදී විශ්ලේෂණාත්මකව පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හිදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීමෙන් පසු සිදු වූ දේශපාලන විපාකවලින් පාඩම් ඉගෙන ගන්නා ලෙසට අවවාද කළ ඒ මහතා, වගන්ති තුනේ පනත ගෙනැවිත් මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කළේය.

Related posts

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Shiran Viraj

“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්

Shiran Viraj

යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයි

Shiran Viraj
Translate »