2026-02-23
mediahumanrights.lk
Local NewsNews

පාස්කු විමර්ශන ඇණහිට ඇති බවට කොළඹ අගරදගුරු මැඳුරෙන් චෝදනාවක්

පාස්කු ඉරිදා එල්ල වූ තේරස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන යළි පණගැන්වුණ ද, වත්මන් වන විට එම ක්‍රියාවලිය කිසියම් බාධාවකට ලක්ව ඇණහිට ඇති බව කොළඹ අගරදගුරු මැඳුර පෙන්වා දෙයි. අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ මෙම විමර්ශන ප්‍රමාද වීමට බලපෑ හේතු සහ ඒ පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

අගරදගුරු මැඳුර විසින් සිදුකළ අඛණ්ඩ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම පරීක්ෂණ යළි ආරම්භ වූ බව සිහිපත් කළ පියතුමන්, ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් නිරාවරණය කරනු ඇතැයි වත්මන් රජය කෙරෙහි තවමත් විශ්වාසය තබා ඇති බව පැවසූහ. එහෙත් වින්දිත පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලිය මෙලෙස ප්‍රමාද වීම පිළිබඳව උන්වහන්සේ සිය දැඩි කනගාටුව ප්‍රකාශ කර සිටියහ.

විමර්ශන කඩිනමින් අවසන් කර සැබෑ තොරතුරු රටට හෙළි කරන තෙක් කතෝලික සභාව බලා සිටින බවත්, පරීක්ෂණ අඩාල කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

Related posts

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

Shiran Viraj

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj
Translate »