mediahumanrights.lk
Local NewsNewsPolitical

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට අධික මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ගවයින් සහ එළුවන් එන්නත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම වන්දි මුදල් ගවයන්, ඌරන්, එළුවන් මෙන්ම බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා ලබා දී තිබේ. ආපදාවෙන් පසු සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000 ක පිරිවැයකින් යුත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.

වන්දි ගෙවීමට අමතරව, හානියට පත් වූ ගොවිපොළවල් යළි ප්‍රතිසංස්කරණය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

Shiran Viraj

වැඩබලන නව පොලිස්පති පත්වෙයි

Shiran Viraj

ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

Shiran Viraj
Translate »