mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති කාර්යාලය විසින් වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත් කර ඇත. එම වාර්තාවන්ට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කරන බව අනාවරණය වේ.

ඒ අනුව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ආචාර්ය එස්. එස්. එච්. විජයසූරිය, විද්‍යා උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, මාධ්‍ය උපදේශක වන්දන සූරියබණ්ඩාර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් කේ. ඒ. ඩී. එම්. එස්. නානයක්කාර යන මහත්ම මහත්මීන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබන බව එම ලේඛනවල සඳහන් වේ. නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර මහතා ද ගරු සේවා පදනම මත කටයුතු කරන අතර ඔහුට හිමිවන්නේ පෙට්‍රල් ලීටර 165 ක ඉන්ධන දීමනාවක් පමණි.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රජයේ වාහනයක් භාවිත කරනුයේ නීති උපදේශකවරයා පමණක් බවත්, අනෙකුත් කිසිදු නිලධාරියෙකු වාහන දීමනා ලබා නොගන්නා බවත් වාර්තාව තහවුරු කරයි. තවද, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු නිලධාරීන් නියමිත පරිදි ඒවා භාර දී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරන කැමරා සහ වීඩියෝ ශිල්පීන් ඇතුළු සෙසු නිලධාරීන්ගේ තොරතුරු මෙම වාර්තාව මගින් අනාවරණය කර නොමැති වීම විශේෂත්වයකි.

Related posts

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Shiran Viraj

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

Shiran Viraj

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj
Translate »