31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

‘කෙහෙල්බද්දර පද්ම’ සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් හයදෙනකු CID යට කැඳවයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්ම’ නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් හයදෙනකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට නියමිතව තිබේ. උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස අතර හිටපු ප්‍රබල මන්ත්‍රීවරියක ද සිටින බවයි. මෙම දේශපාලනඥයන් සහ අපරාධකරු අතර මූල්‍ය ගනුදෙනු සිදුවී තිබේද යන්න සහ අපරාධ සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඊයේ (2) දින ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කෙහෙල්බද්දර පද්ම ඇතුළු සැකකරුවන් පිරිසක් ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූහ. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ ද කෙහෙල්බද්දර පද්ම විසින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Related posts

ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

Shiran Viraj

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

Shiran Viraj

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj
Translate »