mediahumanrights.lk
Local NewsNews

6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතාගෙන් උපහාසාත්මක විවේචනයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබා ඇත. එහිදී ඔහු ඉඟි කර සිටින්නේ මෙම බරපතළ වරදේ වගකීම අවසානයේදී එම මොඩියුල මුද්‍රණය කිරීමට කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිට පැටවීමේ අවදානමක් පවතින බවයි.

“6 පොතේ අවුලේ වරද, කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති” යනුවෙන් ඔහු සඳහන් කර ඇත්තේ, මෙවැනි සිදුවීම්වලදී සැබෑ වගකිවයුත්තන් මඟහැර ද්විතීයික කරුණු මත වරද පැටවීමේ ක්‍රමවේදය උපහාසයට ලක් කරමිනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ අන්තර්ගතය පිළිබඳව පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Related posts

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

Shiran Viraj

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj

කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

Shiran Viraj
Translate »