mediahumanrights.lk
Local NewsNewsPolitical

හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීම

හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දුන්නේ එම සිදුවීම යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. ස්වර්ණවාහිනී නාලිකාවේ “රතු ඉර” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන මොඩියුල සහ අත්පොත් සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ අධ්‍යාපනඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය නිලධාරීන්ට මිස දේශපාලන අධිකාරියට නොවන බවයි. දේශපාලන අධිකාරියේ කාර්යභාරය වන්නේ ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි සිදුවීමකදී අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට නැගෙන විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, අමාත්‍යවරයෙකු විසින් හිතාමතා වරදක් කර ඇත්නම් එවැනි පියවරක් ගැනීම සාධාරණ වුවද, මෙතැනදී එවැනි තත්ත්වයක් නොමැති බවයි. අමාත්‍යාංශයක් තුළ සිදුවන සෑම කුඩා වැරැද්දකටම අමාත්‍යවරුන් ඉවත් වීම ප්‍රායෝගික නොවන බවත්, රජයක් ලෙස ගත යුතු නිවැරදි පියවර වන්නේ එම වැරැද්ද නිවැරදි කිරීම බවත් ඔහු පැවසීය. ඒ අනුව අදාළ මොඩියුලයේ මතභේදාත්මක පරිච්ඡේද ඉවත් කර, ඒවා මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා තහවුරු කළේය.

Related posts

කිරි පිටි මිල ඉහලට..

Shiran Viraj

කල්පනා ශක්‌තිය වර්ධනයට ඉඳි ගුණයි

Shiran Viraj

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

Shiran Viraj
Translate »