mediahumanrights.lk
Local NewsNews

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

ගංවතුරෙන් ගැටඹේ ජල පොම්පාගාරයට හානි වීම හේතුවෙන් මහනුවර නගරයේ නළ ජල සැපයුම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත. අලුත්වැඩියා කටයුතු නිම වන තෙක් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වනු ඇති බව නගර සභා ජල කර්මාන්ත අංශය පවසයි.

රෝහලට ගුවන් හමුදා සහාය

ජල හිඟය මහනුවර ජාතික රෝහලටද දැඩි ලෙස බලපා ඇති අතර, රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර වැලිවිට මහතාට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පෞද්ගලික ආයතන කිහිපයක් රෝහලට අවශ්‍ය පානීය ජල බෝතල් සැපයීමට ඉදිරිපත් වී තිබේ.

මේ අතර, වෙළෙඳපොළේ පවතින උග්‍ර ජල බෝතල් හිඟය ප්‍රයෝජනයට ගන්නා ඇතැම් වෙළඳුන් රුපියල් 35ක් වූ ජල බෝතලයක් රුපියල් 100ක් දක්වා ඉහළ මිලකට අලෙවි කරමින් සිටින බව මහජනතාව චෝදනා කරයි.

Related posts

ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයි

Shiran Viraj

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Shiran Viraj

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj
Translate »