27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල

පසුගිය රජය සමයේ බාල ඖෂධ සිද්ධියක් මුල් කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය දුන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද එවැනිම සිද්ධියකදී ඇමතිවරයා ඊට වගකිවයුතු නැති බව පැවසීම පරස්පර විරෝධී බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. එදා කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සහ නීතිපතිට ලැබුණු නිදහස, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ද ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ලංකාව සහ ඉන්දියාව අතර 2025 අප්‍රේල් 5 වන දින අත්සන් කිරීමට නියමිත ඖෂධ ප්‍රමිතිය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් ද ගම්මන්පිල මහතා බරපතළ විවේචනයක් එල්ල කළේය. බාල ඖෂධ නිසා රෝගීන් මියයන පසුබිමක, ඉන්දියානු ඖෂධ සංග්‍රහ කොමිසම (Indian Pharmacopeia Commission) අනුමත කරන සහතිකය ලංකාව තුළ පිළිගැනීමට මෙලෙස කටයුතු කිරීම රටට මාරාන්තික විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු සහ යුරෝපීය ප්‍රමිතීන්ට අමතරව ඉන්දියානු ප්‍රමිතිය ද ලංකාව තුළ පිළිගැනීමට ලක් කිරීම හරහා ඉන්දියානු නිෂ්පාදකයන් ලබාදෙන සහතිකය මෙරට ඖෂධ නියාමන අධිකාරියට පිළිගැනීමට සිදුවන බව ඔහු පැවසීය.

ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කළ රහසිගත ගිවිසුම් හතක් සඟවාගෙන සිටින බවත්, ඒවා රටට වාසිදායක නම් මෙලෙස සඟවා තැබීමට අවශ්‍යතාවක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඉන්දියාව සමඟ සුහද සබඳතා පැවැත්වීම වැදගත් වුවද, මිත්‍රත්වය වෙනුවෙන් මෙරට ජනතාවගේ ජීවිත බිලිදිය නොහැකි බවත්, මෙම මාරාන්තික ඖෂධ සම්බන්ධයෙන් විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් වහාම සංවාදයක් ආරම්භ කළ යුතු බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයි

Shiran Viraj

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

Shiran Viraj

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

Shiran Viraj
Translate »