26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහන

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා තමන් සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කළුබෝවිල පිහිටි සිය නිවසේ සිට බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටියදී දෙහිවල ගුවන් පාලම යටදී මෙම අනතුර සිදු වූ බවයි. එහිදී පදිකයෙකු සිය රථයේ ගැටී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ තමන් අවට සිටි පිරිසගේද සහය ඇතිව තුවාලකරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඔහු පවසයි.

ඉන් අනතුරුව තමන්ම පොලිසියට ගොස් භාර වී නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහය ලබා දුන් බවත්, තමන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කරයි. අනතුරට පත් පුද්ගලයා රෝහලෙන් පිටව ගිය පසු සහ මත්පැන් වාර්තා ඇතුළු සියලු පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තමන් පොලිසියෙන් පිටව ආ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරෙන් කිසිවෙකුට බරපතළ හානි සිදු නොවූවද අගතියට පත් සියලු පාර්ශ්වයන්ට සිය කණගාටුව පළ කරන ඔහු, නීතිය අකුරටම ක්‍රියාත්මක කළ දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට සහ තොරතුරු සොයා බැලූ සැමට සිය ස්තූතිය පළ කර සිටියි.

Related posts

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Shiran Viraj
Translate »