mediahumanrights.lk
Local NewsNewsPolitical

‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්

සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම අරමුණු කර ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ගංවතුර බැස ගිය වහාම මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. මෙම සද්කාර්යයට සියලු දෙනා සහභාගී වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

නෙලුම් මාවතේ පැවති සාකච්ඡාවකදී ඔහු සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, හානියට පත් ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැඟීම හා පිළිසකර කිරීම සඳහා සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසයි.

Related posts

එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !

Shiran Viraj

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj
Translate »