mediahumanrights.lk
LIFENews

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට ‘Dark Mode’ භාවිතා කළ යුත්තේ අඩු ආලෝක තත්ත්ව යටතේ පමණි. එනම්, රාත්‍රී කාලයේදී එය භාවිතා කිරීම සුදුසුය. නමුත් දිවා කාලයේදී Light Mode එක භාවිතා කළ යුතුය.

දිවා කාලයේදී ‘Dark Mode’ භාවිතා කිරීම අපහසු වන්නේ, අඳුරු පසුබිමක ඇති ලා පැහැති අකුරු කියවීමට අපහසු වීම නිසයි. එමෙන්ම, ‘Dark Mode’ භාවිතා කිරීමෙන් බැටරි භාවිතය අඩු කිරීමටත්, උපාංගයේ ආයු කාලය වැඩි කිරීමටත් උපකාරී වේ.

ඇස්වලට ඇති වන හානිය අවම කර ගැනීම සඳහා, දිවා කාලයේදී Light Mode එක භාවිතා කරන ලෙසත්, රාත්‍රී කාලයේදී පමණක් Dark Mode එක භාවිතා කරන ලෙසත් වෛද්‍යවරයා උපදෙස් දෙයි.

Related posts

ජෙරුසලමේ වෙඩි තැබීමක්! 03ක් මරුට!

Shiran Viraj

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj
Translate »