mediahumanrights.lk
BusinessBusiness NewsNews

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිත කරන විට වෙළෙඳුන් විසින් අය කරන 2.5%ත් – 3%ත් අතර අමතර ගාස්තු සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පැහැදිලි කරයි.

මෙම අතිරේක ගාස්තු අය කිරීම වෙළෙඳුන් සහ බැංකු අතර ඇති නිල ගිවිසුම් කඩ කිරීමක් බව මහ බැංකුවේ ගෙවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන පාරිභෝගිකයින්ට, අමතර ගාස්තුව පැහැදිලිව සඳහන් වන රිසිට්පත් වැනි සාක්ෂි සහිතව, තම කාඩ්පත නිකුත් කළ බැංකුවට සිද්ධිය වාර්තා කරන ලෙස මහ බැංකුව තරයේ කියා සිටී.

Related posts

කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයි

Shiran Viraj

මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)

Shiran Viraj

මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOS

Shiran Viraj
Translate »