2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි

අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දැක්වීය.

එම අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත ද ජනාධිපතිතුමා සිය ශෝකය ප්‍රකාශ කළේය. පසුව, ජනාධිපතිතුමා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්

Shiran Viraj
Translate »