mediahumanrights.lk
NewsPolitical

මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් ආසන 3,927 ක් ලබා ගනිමින් ජයග්‍රාහකයා බවට පත්ව ඇත.

මහ නගර සභා 23ක්ල නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළුව පළාත් පාලන ආයතන 266ක එම පක්ෂය පෙරමුණ ගෙන සිටී.

සමගි ජන බලවේගය ඡන්ද 2,258,480 සමගින් දෙවන ස්ථානයට පත් වූ අතර සභා 13 කින් පෙරමුණ ගෙන ඇත.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක වැඩිම ඡන්ද ලබාගෙන ඉදිරියෙන් සිටියද ඉන් වැඩි ප‍්‍රමාණයක බලය පිහිටුවීම සදහා අවශ්‍ය බහුතරය හිමිව නැත.

එම පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ලබා ගත් ජන්ද 5,740,179ට වඩා ලක්ෂ 12 ඉක්මවූ ඡන්ද අඩුවීමක් මෙවර දක්නට ඇති අතර එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්‍ෂය ලබා ගත් ඡන්ද 6,863,186ට වඩා ලක්ෂ 24 ක පමණ ඡන්ද අඩුවීමකුන් දැකිය හැකිය.

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 4,530,902ක් ලබාගත් අතර පාර්ලිමේන්තු මැතිවරයේ ඡන්ද 1,968,716ක් ලබා ගත්තේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Shiran Viraj

ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj
Translate »