mediahumanrights.lk
NewsPolitical

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරයි.

චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා.අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා. පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා. රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා. නැතිනම් මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා. ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා. ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා. එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.

ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ කටයුතු සිදු කෙරුණා. එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා. අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා.නමුත් අප එකල සිටියේ දෙපැත්තක. චාමර සම්පත් මහ ඇමති ලෙස සිටියදී සමන්ත විද්‍යා රත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා. මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත් මා එම කණ්ඩායම් වලට කිව්වා. මහ ඇමතිවරුන්ට පක්ෂ හෝ විරුද්ධ වැඩ කටයුතුවලට මට පැටලෙන්නට බැරි බවත් මා කිව්වා.

කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා. ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ. එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ. මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි.අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ. අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද?

චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා. මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි. එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.

Related posts

මිනිස් ජාවාරමේ අවදානම් කලාපයෙන් අපි මිදුනා -තලතා

Shiran Viraj

නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..

Shiran Viraj

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Shiran Viraj
Translate »