mediahumanrights.lk
Local NewsNews

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

Shiran Viraj

සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…

Shiran Viraj

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

Shiran Viraj
Translate »