mediahumanrights.lk
Local News News

සෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…

ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටී.

ඒ අනුව රජය විසින් ඒ සදහා අට දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයායි.

විදුලි බල මණ්ඩලයේ අදහස වී ඇත්තේ විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දිනවල ජාතික පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා සීමා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වී ඇති බවය.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට

Shiran Viraj

ආර්ථිකය සවි කරන්න කුඩා පරිමාණ කර්මාන්තශාලා 150 ක්

Shiran Viraj

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

Shiran Viraj