mediahumanrights.lk
Local News News

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇත.

ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නැත.

මෙම නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම විසන්ධි කිරීම කර ඇත්තේ හිටපු ජනාධිපති නිල නිවසේ නොවන බවත් ඔහුගේ ආරක්‍ෂකයන් රැදී සිටි අසල පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක බවය.

Related posts

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

Shiran Viraj

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj