mediahumanrights.lk
Local News News

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.

යාපනය උදයපුරම් මුහුදු වෙරල ප්‍රදේශයේදී කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 104 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී යාපනයේ සිට පුත්තලම් දක්වා වාහනයකින් රැගෙන යමින් සිටි කේරල ගංජා කිලෝ 60 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු පුනරීන් පොලීසිය විසින්  අත්අඩංගුවට ගන්නා ලදි.

මේ අතර මාන්තෙයි බටහිර අඩම්පන් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 28 ක් සොයගත් බවට අඩම්පන් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් දිස්ත්‍රීක් භාර අධිකරණයන් වෙතට ඉදිරිපත් කිරීමට ස්ථාන භාර පොලිසීය විසින් කටයුතු කොට ඇත.

Related posts

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

Shiran Viraj