28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ “සුබෝධනී කමිටු වාර්තාව’’ පිළිබඳව මෙවර අය වැයෙන් අවධානය යොමුකර නොමැති බවත්, මේ සම්බන්ධව වෘත්තීය සමිති සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං පැවැසීය.

සුබෝධනී කමිටු වාර්තාව අනුව වැටුප් විෂමතා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් රුපියල් බිලියන 46 ක මුදලක් වෙන් කළ යුතු බවත්, මෙම වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ඉවත් කරනු ලැබුවේ ඉකුත් 2022 වසරේ අය වැයෙන් බවත් ඔහු කීවේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක මුදලක් වෙන් කළ යුතු වූවත්, ඒ සම්බන්ධව ද මෙවර අය වැය අවධානය යොමුකර නැතැයි ද ලේකම්වරයා පැවැසීය.

කෙසේ නමුත්, වැටුප් විෂමතා ගැටලු සම්බන්ධව වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පොදු තීරණයක් ගෙන රජය සමග සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

Shiran Viraj

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj
Translate »