mediahumanrights.lk
News Political

මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

මේ ආණ්ඩුව ජනතාව විසින් පත්කරගත්ත, ජනතාව විසින් ආරක්ෂා කරන ආණ්ඩුවක්, ජනතාව රටතුළ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කළේ. ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට තිබෙනවා. ඒ වෙනුවෙන් සියළු ක්ෂේත්‍රවල අධ්‍යයනයක් කරලා, දත්ත මත පදනම්ව පරිවර්තනයන් සිදු කරනවා.
ආණ්ඩුව මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න විශේෂයෙන් කටයුතු කරනවා. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්න කටයුතු කරමින් යනවා.

පැවති රජයන් තුළ ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති තුළ ගුරුවරුන් වෙනුවෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. අපේ රජය වැඩි අවධානයක් ලබා දෙනවා ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනය කරන්න, ගුරු පුහුණුව දෙන්න වගේම නවීන අධ්‍යාපන දැනුම ලබා දීලා ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සංවර්ධනය කරන්න.

මෙතෙක් කලක් ගුරුවරුන්, විදුල්පතිවරුන්, පත්කිරීම්, මාරු කිරීම් සිදු කරලා තිබෙන්නේ දේශපාලන බලපෑම් මත. ඒ තත්වය යලි ඇති වෙන්නේ නැහැ. අද රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම්වලින් තොරව සතුටින් රාජකාරි කරනවා. ගුරු, විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. සමහර ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදුවෙලා නැහැ. ගුරු විෂමතාවය ඉවත් කරලා සියලු විෂයන් වෙනුවෙන් ගුරුවරුන් පාසල් වලට ඉදිරියේදී ලබා දෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රිකකයට මම විශේෂයෙන් ආවෙි මේ ප්‍රදේශයේ අධ්‍යාපන තත්වය පිලිබඳ සොයා බලන්න. සමහර පාසල් වල ගුරුවරු නැහැ. යටිතල පහසුකම් නැහැ. නමුත් පොලොන්නරුව නගරයට ගියාම විශාල සැප පහසු ගොඩනැගිලි ගණනවාක් තිබෙනවා. පොලොන්නරුවේ ගොඩනැගිලි ඉදිකරන්න කෝටි හය දහසක් පමණ වැය කර තිබෙන බව අනාවරණය වුණා. නමුත් පාසල් දරුවන්ට හරියට වැසිකිළියක් හදලා දීලා නැහැ. මේ තත්වය වෙනස් විය යුතුයි.

2026 අපි සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මේ රටෙි සියළු දරුවන්ට අනාගතය පිලිබඳ විශ්වාසය තැබිය හැකි කුසලතා, ශක්තීන් සහිතව සමාජයට පිවිසිය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් රටතුළ නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Related posts

ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්' – නීතිපති

Shiran Viraj

‘පිස්සෙක් වගේ-පිස්සෙක් වගේ‘ කතාව පැතිරූ සමරේ

Shiran Viraj

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

Shiran Viraj