mediahumanrights.lk
Local NewsNews

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139 ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම, මාරු කිරීම සිදු කර ඇති අතර සේවයේ අවශ්‍යතාවය මතවැඩබලන පොලිස්පතිතුමා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව නව පත්කිරීම් 50ක්ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මරුකිරීම් 36ක්ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක්ද, වශයෙන් සිදු කර ඇති අතර කැලණිය කොට්ඨාසයේ රාජකාරී සිදු කල කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.එම්.අයි.කේ සමරකෝන් නිලධාරිණිය එම කොට්ඨාසයේ සිට දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම ස්ථාන මාරුවීම් 2025.02.13 දිනට හා 2025.02.18 වන දිනට කාණ්ඩ දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.

Related posts

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

Shiran Viraj
Translate »