mediahumanrights.lk
Local NewsNews

පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..

77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත.

ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි.

ඔහු (04) දින නිවසේ සිට උද්‍යාන මාර්ගයෙන් හැටන් පොලිසිය වෙත පැමිණෙන අවස්තාවේ එම මාර්ගයේ වැටි තිබු රු ලක්ෂ දෙකහාමාරක් පමණ වටිනා ජංගම දුරකථනයක් හමු වි ඇත.

එම දුරකථනයට එහි අයිතිකරු විසින් ලබාගත් ඇමතුමක් අනුව අයිතිකරු තහවුරු කරගත් සැරයන්වරයා ඔහුව හැටන් පොලිසිය වෙත කැදවා ජංගම දුරකථනය අයිතිකරු වෙත භාර දි ඇත.

හැටන් උද්‍යාන මාර්ගයේ පදිංචි ජංගම දුරකථනයේ අයිතිකරු (04) දින උදැසන දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන අමතක වි දුරකථනය මොටර් රථයේ ඉදිරිපස තබා මොටර් රථය ධාවනය කල අවස්තාවේ ජංගම දුරකථනය මාර්ගයේ වැටි ඇත.

වටිනා ජංගම දුරකථනය අහුලාගෙන තමන් වෙත යලි භාරදිම සම්බන්ධයෙන් අදහස් දැක් වු එහි අයිතිකරු කියා සිටියේ (04) දින ජාතික නිදහස් දින උත්සවය බවත්, එවැනි දිනක හැටන් පොලිසියේ සැරයන්වරයෙකු සිදු කල ආදර්ශමත් ක්‍රියාව පොලිස් දෙපාර්තුමේන්තුවටම කිර්තියක් බවයි.

Related posts

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

Shiran Viraj

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

Shiran Viraj
Translate »