mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාට අයත්ව තිබූ එක්ස්පො ලංකා සමාගම මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම බව හිටපු ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

එම පොල් අලෙවි කර උපයන ඩොලර් ප‍්‍රමාණය ඩුබායි ගිණුමකට බැර කරන බවත් ඒවා ලංකාවට ගෙන නොඑන බවත් ඔහු චෝදනා කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘හාල් විතරක් නෙමෙයි දැන් පොලුත් පිටරටින් ගේන්න වෙලා තියෙනවා කර්මාන්තවලට යයි කියමින්.

ඕවා කර්මාන්තවලට විතරක් නෙවෙයි ගේන්නෙ ගේනකොට ඔ්සෙට ගේනව.

දැන් අපට පරිභෝජනය කරන් අවශ්‍ය කර පොල් ලංකාවේ නිෂ්පාදනය වෙනව.

හැබැයි  වෙලා  තියෙන්නේ බස්නාහිර ආණ්ඩුකාර නාම මාත්‍රිකව වෙන අයට දීලා තියෙන එක්පොලංකා ආයතනය විශාල වශයෙන් පොල් පිටරට පැටවනවා.

උපයන ඩොලර් ප්‍රමාණය ඩුබායි බැංකුවල දානවා. ඒගොල්ලෝ උපයන ඩොලර් ටික පිටරට පටවනවා’

Related posts

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

Shiran Viraj

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Shiran Viraj
Translate »