mediahumanrights.lk
Local NewsNews

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.

යාපනය උදයපුරම් මුහුදු වෙරල ප්‍රදේශයේදී කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 104 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී යාපනයේ සිට පුත්තලම් දක්වා වාහනයකින් රැගෙන යමින් සිටි කේරල ගංජා කිලෝ 60 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු පුනරීන් පොලීසිය විසින්  අත්අඩංගුවට ගන්නා ලදි.

මේ අතර මාන්තෙයි බටහිර අඩම්පන් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 28 ක් සොයගත් බවට අඩම්පන් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් දිස්ත්‍රීක් භාර අධිකරණයන් වෙතට ඉදිරිපත් කිරීමට ස්ථාන භාර පොලිසීය විසින් කටයුතු කොට ඇත.

Related posts

ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාව

Shiran Viraj

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

Shiran Viraj

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj
Translate »