2026-01-17
mediahumanrights.lk
NewsPolitical

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ.

එහි සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ ඒ අනුව දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 400ක් සතොස අලෙවි සැල් වෙත බෙදා හරින බවයි.

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 650ක් මේ වන විට සතොස මගින් මිලදීගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අතර රජය විසින් සහල් ආනයනයට දිරිපත් කර තිබූ ටෙන්ඩර් තුනම ප්‍රතික්ෂේප වී ඇත.

Related posts

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළට

Shiran Viraj

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

Shiran Viraj

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj
Translate »