mediahumanrights.lk
NewsPolitical

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීමට පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු සදහන් කලේය.

මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඔහු පැවසුවේය.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවත් පැවසීය.

කළුතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

Shiran Viraj
Translate »