mediahumanrights.lk
Local NewsNews

ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..

රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත් කිරීම පසුගිය අටවැනි දා සිට නතර කර ඇත.

සහල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය මත ජනාධිපති අනුර දිසානායක මහතා විසින් වාර්තාවක්ද කැඳවා තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂය අවසානය හා නත්තල් උත්සව කාලයේදී සහල් ඉල්ලුම ඉහළ යාම රට තුළ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

මෙම තත්ත්වය භාවිතා කරමින් ඇතැම් මෝල් හිමියන් කෘතීම සහල් හිඟයක් ඇතිකර මිල ඉහළ දමා ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ යයිද තොරතුරු වාර්තා වී තිබේ.

පසුගිය කාලයේදී ද කීරි සම්බා හිගයක් ඇතිකර අධික මිලකට එම සහල් වර්ගය අලෙවි කිරීම දක්නට ලැබින.

Related posts

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj
Translate »