mediahumanrights.lk
Local NewsNews

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ.

මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මාදිවෙල පිහිට නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම එළඹෙන තුන් වෙනිදා ආරම්භ කෙරේ.

එම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැක්කේ කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුලත නිවසක් නොමැති මන්ත්‍රීවරුන්ට පමණි.

මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස ලබා දීම සඳහා මේ දිනවල එම නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කර කටයුතු සිදුකරමින් තිබේ.

මෙම නිවාස සංකීර්ණයේ නිවාස 116ක් පිහිටා ඇත.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්න

Shiran Viraj

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !

Shiran Viraj

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj
Translate »