mediahumanrights.lk
News Political

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවුරුදු පහක් තබා මාස පහක්වත් මේ රට ගෙනයා හැකි යයි තමන් විශ්වාස නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එළඹෙන මාර්තු මාසය පමණ වන විට මේ රට ගිනි ගොඩක් බවට පත්වනු ඇති බවද හෙතෙම කියා සිටී.

වර්තමාන ආණ්ඩුව ගත වූ කාලය තුළදී පමණක් රුපියල් ට‍්‍රිලියනය ඉක්මවා දේශීය ණය ලබාගෙන ඇති බවද පැවසූ ඔහු එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ආණ්ඩුවක් මෙතරම් කාලයකදී ලබාගත් වැඩිම ණය මුදල බවද පැවසුවේය.

එම ණයවලින් භාණ්ඩ මිල පාලනය කරගෙන ඇතත් නියම ඡන්ද ප්‍රතිඵල එන්නේ මෙම මහ මැතිවරණයෙන් පසු ටික දිනකින් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Shiran Viraj

අධිශිෂ්‍යත්වයක් ලබා ‍ගෝඨාභය සිංගප්පූරු යයි

Shiran Viraj

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Shiran Viraj