mediahumanrights.lk
Local NewsNews

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්‍ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

වසරේ මේ දක්වා කාලය තුළ එවැනි සිදුවීම් 1100 අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

එම සිදුවීම් අතර ප්‍රේම සබඳතා බිද වැටීමත් සමග අනෙක් පාර්ශවය බිය වැද්දීම සඳහා සිදුකර සිදුවීම් වැඩි සංඛ්‍යාවක් තිබේ.
එවැනි සිදුවීම් පිළිබඳ කලබල වීම අවශ්‍ය නොවේ.

ඒ පිළිබඳ සාක්ෂි සොයා ගැනීමෙන් පසු ළඟම පිහිටි පොලිසියට පැමිණිලි කල හැකිය.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද ඒ පිළිබඳව පැමිණිලි කිරීමට හැකි බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවට

Shiran Viraj

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

Shiran Viraj

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Shiran Viraj
Translate »