mediahumanrights.lk
Local NewsNews

IMF අදම වැඩ අල්ලයි..

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම සාකච්ඡා පැවැත්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් දිවයිනේ රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ,මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතයි.

ලබන සිකුරාදා (22) වනවිට තෙවන සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කටයුතු කරනු ඇතිබව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්

Shiran Viraj

බහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්

Shiran Viraj

ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයට

Shiran Viraj
Translate »