2026-02-10
mediahumanrights.lk
Local NewsNews

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

ලබන වසරේ සිට උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු අනුපාත අඩු කිරීමට පියවර ගන්නා බවට රජය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම අදහස් පල කරති.

ශ්‍රී ලංකාව 2028 වසරේ සිට දැනට අත්හිටුවා ඇති විදේශ ණය වෙනුවෙන් ණය හා පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතුව ඇත.

නමුත් බදු ආදායම් තවත් අඩුවුවහොත් ණය ගෙවීම අභියෝගයක් විය හැක.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර වන එකඟතාවය මත 2028 වසර වන විට මෙරට ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුව තිබේ.

Related posts

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

Shiran Viraj

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Shiran Viraj

ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය 2029 දී තීරණය වේ – නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා

Shiran Viraj
Translate »