mediahumanrights.lk
Local NewsNews

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

ලබන වසරේ සිට උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු අනුපාත අඩු කිරීමට පියවර ගන්නා බවට රජය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම අදහස් පල කරති.

ශ්‍රී ලංකාව 2028 වසරේ සිට දැනට අත්හිටුවා ඇති විදේශ ණය වෙනුවෙන් ණය හා පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතුව ඇත.

නමුත් බදු ආදායම් තවත් අඩුවුවහොත් ණය ගෙවීම අභියෝගයක් විය හැක.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර වන එකඟතාවය මත 2028 වසර වන විට මෙරට ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුව තිබේ.

Related posts

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනී

Shiran Viraj

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Shiran Viraj
Translate »