mediahumanrights.lk
Local NewsNews

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

පළාත් තුනකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 12124 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නොවැම්බර් 01 සිට මේ දක්වා කාලය තුළ ඇතිවූ ආපදා හේතුවෙන් එම පිරිස පීඩාවට පත්ව තිබේ.

අධික වර්ෂාව,සුළං හා ගංවතුර හේතු එම පිරිස පීඩාවට පත්ව ඇතිබව එම මධ්‍යස්ථානය පවසයි.

09 පෙරවරු 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල මැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය 221.6mmකි.

එම කාලය තුළ දුම්මලසූරිය ප්‍රදේශයට 190.3mm වර්ෂාපතනයක් සහ පාලවී ප්‍රදේශයට 150.4 වර්ෂාපතනයක් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට 100mm ඉක්මවූ වර්ෂාපතනයන් ලැබී ඇතිබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Shiran Viraj
Translate »