mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත.

එසේම තනිව සංචාරය කරන්නන් මෙම වසරේදී සංචාරය කළ ජනප්‍රියතම ගමනාන්ත දහය අතර පළමු ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය.

මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේ දී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම සහනදායි මිලකට ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට හැකිවීම මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකුට සමබර අත්දැකීමක් ලබාගත හැකි බවත්, වෙරළ තීරයන්, සංචාරකයන්ට මිත්‍රශීලි හෝටල් සහ නිවාඩු නිකේතන, රසවත් ආහාර මෙන්ම තනිව සංචාරය කරන්නෙක් බලාපොරොත්තු වෙන සියලුමදේ ශ්‍රී ලංකාවෙන් සමබරව ලබාගත හැකි බවද ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම පැවැසුවේය.

2025 වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ජපානය සහ ෆින්ලන්තය හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය ග්වාතමාලාවට හිමිව ඇත.

Related posts

රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්..මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..

Shiran Viraj

සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..

Shiran Viraj

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

Shiran Viraj
Translate »