mediahumanrights.lk
Local News News

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දුරකථන රැගෙන යාමට අවසර හිමි වනුයේ විභාග ශාලාධිපති සහ අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණයි.

උද්ගතවූ ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

මේ අතර විභාග කාලය තුළ විභාග කටයුතු අධීක්ෂණය ද ශක්තිමත් කර තිබේ.

ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්‍යාල නිලධාරීන් ද යොදා ගැනීමට නියමිතයි.

එක් අධීක්ෂණ නිලධාරීයෙකු දින 15ක් තුල විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්

Shiran Viraj

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Shiran Viraj

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Shiran Viraj