mediahumanrights.lk
Local News News

ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..

රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත් කිරීම පසුගිය අටවැනි දා සිට නතර කර ඇත.

සහල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය මත ජනාධිපති අනුර දිසානායක මහතා විසින් වාර්තාවක්ද කැඳවා තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂය අවසානය හා නත්තල් උත්සව කාලයේදී සහල් ඉල්ලුම ඉහළ යාම රට තුළ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

මෙම තත්ත්වය භාවිතා කරමින් ඇතැම් මෝල් හිමියන් කෘතීම සහල් හිඟයක් ඇතිකර මිල ඉහළ දමා ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ යයිද තොරතුරු වාර්තා වී තිබේ.

පසුගිය කාලයේදී ද කීරි සම්බා හිගයක් ඇතිකර අධික මිලකට එම සහල් වර්ගය අලෙවි කිරීම දක්නට ලැබින.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Shiran Viraj

උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයි

Shiran Viraj