mediahumanrights.lk
Local NewsNews

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙම සාකච්ඡා ක්‍රියාත්මක කෙරෙමින් ඇත.

ඒ අනුව විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකුට ඉහළම තනතුරක් සඳහා යෝජනා වී ඇති අතර ඒ ඔස්සේ සාකච්ඡා ඉදිරියට යමින් ඇතැයි ද දැනගන්නට ඇත.

එය එසේ සිදු නොවන්නේ නම් විපක්ෂයේ තවත් ප්‍රබලයකු ඒ සඳහා එකඟ කරවා ගැනීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් ඇතැයිද සඳහන්ය.

ඊට අමතරව ඉන්දීය බුද්ධි ප්‍රධානියාගේ සංචාරයෙන් පසු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට අදාළ සිය දේශපාලන ස්ථාවරයන් වෙනස් කිරීමේ සූදානමක සිටිතැයි ද දැනගන්නට තිබේ.

බොහෝ දුරට ජනාධිපතිවරණය ආසන්න වෙද්දී මෙම ප්‍රබල දේශපාලන වෙනස සිදුවනු ඇති බවද දැනට ලැබෙන තොරතුරු කියා සිටී.

Related posts

ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..

Shiran Viraj

කේක් මිල බහී..

Shiran Viraj

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Shiran Viraj
Translate »