mediahumanrights.lk
NewsPolitical

රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..

මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම තවත් දින දහයකින් පැවැත්වීමට නියමිතව ඇත.

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ප‍්‍රමුඛ වගකීමට ලෙස ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීමත් ශ්‍රී ලංකාව අර්බුදයෙන් එළියට ගෙන ඒමේ වගකීමත් පැවරෙයි.

ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ඇමති මණ්ඩලයේ මුදල් අමාත්‍ය ධුරය දරන්නා ගැනද දැනටමත් වැඩි අවධානනයක් යොමුව ඇත.

මේ වන විටත් ප්‍රකාශ වී ඇති ආකාරයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත  පත් වුවහොත් ඔහු විසින්ම එම රජයේ මුදල් අමාත්‍ය වගකීම දරනු ඇත.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ කැබිනටුවේ මුදල් අමාත්‍ය ධුරය ඔහු නොදරනු ඇති අතර ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ හර්ෂ ද සිල්වා මහතයි. ඊට අමතරව එරාන් වික්‍රමරත්න හා කබීර් හසීම් යන මහත්වරුන්ද ආසන්නයෙන් සිටී.

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුද මුදල් අමාත්‍ය ධුරයේ වගකීම නොදරණු ඇති අතර ඒ මහතා බීබීසී සේවය සමඟ සඳහන් කර තිබෙන්නේ සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, හර්ෂණ නානායක්කාර, සීතා බණ්ඩාර යන පිරිසෙන් අයෙක් එම වගකීම දරනු ඇති බවත් කමිටුවක් හරහා මුදල් අමාත්‍යාංශය හසුරුවන බවත්ය.

Related posts

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Shiran Viraj

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Shiran Viraj

මාස 12ක් තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවට හෙළිදරව්වක්

Shiran Viraj
Translate »