mediahumanrights.lk
Local NewsNews

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ප්‍රවාහන වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට තම සහාය ප්‍රකාශ කර ඇත.

මෙම සංවිධාන අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික ඔ්ංස ්චච ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රි රෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය ඇතුළත්ය.

ජනාධිපති වික‍්‍රමසිංහ මහතා මෙම සංගම්වල සහාය අගය කරමින් ස්තූතිය පළ කර ඇති අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත්ව සිටින රියදුරන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් රියදුරන්ගේ ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව සලසා දෙන බවත් හෙතෙම සදහන් කර තිබේ.

ත‍්‍රිරෝද රථවල ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ඇලවීමද එහිදී සිදු කර ඇත.

Related posts

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Shiran Viraj

ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEO

Shiran Viraj

ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්න

Shiran Viraj
Translate »