mediahumanrights.lk
NewsPolitical

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර බෙදීමක් තිබුණද ඔවුන්ගේ යටි පෙළ අතර එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

බෙදී තරග කිරීමේදී දෙපාර්ශ්වයටම අවාසි බවත් ජාතික ජන බලවේගයට වාසි සහගත බවත් එනිසා එක්විය යුතු බවට මොවුන් සාකච්ඡා කරමින් සිටින බවද පැවසූ ඔහු එම් එවන් ඕනෑම ආකාරයේ සැලසුමක් සඳහා දැන් ප්‍රමාද වැඩි බවද කියා සිටියේය.

කවුරුන් මොන ජාතියේ වෙට්ටු දැම්මත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවත් එය ජයග‍්‍රහණය ස්ථිර බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj
Translate »