mediahumanrights.lk
Local News News

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් හත්ලක්ෂ දොලොස් දහස් තුන්සිය දහනමයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

පසුගිය 04,05 සහ 06 දිනයේ විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 දෙදින රාජකාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

අධික වේගයෙන් රථය පදවා මරණයක් සිදු කර අධික වේගයෙන් පලා ගිය රගර් ක්‍රීඩකයා

Shiran Viraj

ඔය පුද්ගලයා මියුසීෂියන් කෙනෙක්‌ නෙමෙයි කියලා මම හොඳින්ම අවබෝධ කරගෙන ඉන්නේ-ලෙළුම් රත්නායක යළිත් හඬ අවධි කරයි

Shiran Viraj

කනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..

Shiran Viraj