23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන වල එක් එක් අපේක්ෂකයන්/ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇත.

එවැනි ක්‍රියාවක් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් වන බැවින්, පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ හා සෙසු පෞද්ගලික වාහන වල ස්ටිකර් අලවා තිබේ නම් වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතුය.

පෞද්ගලික බස් රථ හා ත්‍රී රෝද රථ ඇතුළු සියලුම පෞද්ගලික වාහනවල අලවා ඇති ඉහත දැක්වූ වර්ගයේ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත ද ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ද අවශ්‍ය උපදෙස් නිකුත් කොට ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj

අද සිට විශේෂ දුම්රිය සේවා

Shiran Viraj

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

Shiran Viraj
Translate »