mediahumanrights.lk
NewsPolitical

නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයන් ප්‍රතිසංස්කරණ කලහොත් රටට ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ යැයි මහ බැංකු අධිපකි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු එක් මහ බැංකු අධිපතිවරයෙකු වරදක්කරු කර ඇති සිහිපත් කල ජයතිස්ස මහතා මහ බැංකු අධිපතිවරයා දේශපාලඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතු බවත් විෂය දැනුම භාවිතා කරමින් ප්‍රායෝගික දේවල් පමණක් ප්‍රකාශ කළ යුතු බවත් පැවසීය.

Related posts

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Shiran Viraj

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »