mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඇති හිස් අවකාශය තුළ කතිර ලකුණ සලකුණු කිරීමෙන් සිය ඡන්දය ප්‍රකාශ කල හැකිය.

එහිදී මනාප සලකුණු කිරීමට නොහැකිය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකුට තම කැමැත්ත පරිදි 01,02 හා 03 ලෙස මනාප ලකුණු කල හැකිය.

මනාප සලකුණු කරන්නේනම් කතිර ලකුණ සලකුණු කල නොහැකිය.

එසේ සලකුණු කලහොත් එම ඡන්දය අවලංගු වන බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…

Shiran Viraj
Translate »