mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා දීම ගැන සලකා බැලිය හැකි යයි එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

“ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”

Related posts

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Shiran Viraj

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

Shiran Viraj

පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..

Shiran Viraj
Translate »