mediahumanrights.lk
Local News News

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් (08) දින වන විට තිබෙන බව එම ඉංජිනේරුවන් පැවසිය.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Related posts

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Shiran Viraj

ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

Shiran Viraj